Harry Potter and the Goblet of Fire (2005)

Harry Potter and the Goblet of Fire (2005)

මේ ලොව පුරා ක්විඩිට් රසිකයන් පුල පුලා බලාගෙන සිටි වසරක්. ලෝක කුසලාන ශුරතාවය
වෙනුවෙන් අයර්ලන්තය හා බල්ගේරියාව කරට කර සටනක්. දවස පුරාම ක්විඩිව් රසිකයන් විදි ප්‍රීතිය හිරු දුටු පිණි බිදු මෙන් වියැකී යන කරුණු සිදුවීමක්. මේ පළහිලවට පැටලුණු හැරීට කුමක් සිදුවේද? මේ ගෙවේනේ හැරීන්ගේ හතරවන හොවාටිස් වර්ශයයි. තවදුරටත් හොවාස් තම නිවහන වන්නේ හැරී පෝටර්ලාට පමණක් නොවේ.. ආරක්ෂක හේතූන් මත වසර ගානකින් නොපැවැත්වූ ට්‍රයිවිසාඩ් නම්| තරගයකට ධාරක පාසල වන්නට ගොස් සුදානමින්. මායා පාසල් තුනක් අතර ඇති මේ දැවැන්ත තරගයට ඉදිරිපත් වෙන්න සුදානමින් ප්‍රංශයේ බෝමැටන් මායා පාසලෙන් ආ සුන්දර යුවතියන් ගණනාවකට වගේම ඩ්‍රම්ප්‍රාග් මායා පාසලෙන් ආ කඩවසම් පිරිමි ළමයි ගනනාවකටම හොවාර්ඩිස් තමගේ නිවහන වනවා. එක කිරුලක් වෙනුවෙන් පාසල් තුනක් සටන්වදින මේ තරගාවලියට සහභාගි වෙන්න හැක් අවුරුදු 17 සම්පූර්ණ වූ සිසුන්ට පමණයි. ට්‍රයිවිසාඩ් තරගාවලියදී ඉතාමත් දුෂ්කර, මාරාන්තික මෙන්ම භයානක අභියෝගයන් තුනකට මුහුණදීමට ක්‍රිඩකයන්ට සිදුවනවා... ජයග්‍රාහකයාට ලැබෙන ගැලියන දහසේ මුදල් තෑග්ග වගේම සදාතනික කීර්තිය නිසා කොයිතරම් භයානක වුනත් ඉදිරිපත්වන්නන්ගෙන් අඩුවක් නෑ. අනි කුසලානය විසින් හොක්වාට්ස් වෙනුවෙන් හඳෙල්පල් නිවාසයේ සෙට්‍රික් ඩිගොරිද.. .(ඔව් ඔව්, පැටිසන් තමයි. ලයිට් කතා මාලාවෙ එඩ්වඩ්. බහුතරයි ගෑනු ලමයිගේ සිහින කුමාරයා) බෝබැටන් වෙනුවෙන් අර්ධ විලාවෙක් වෙන ලර් ඩෙයාකුල් ද, ඩ්‍රමිටිංග් වෙනුවෙන් අති දක්ෂ ක්විඩිට් ක්‍රීඩක වික්ටර් කූ තෝරාගනු ලබනවා. මෙය පාසල් තුනක වියස අවුරුදු 17ට වැඩි සිසුන් තිදෙනෙක් අතර තිබිය යුතු තරගයක් වුනත් හදිස්සියේම අති කුසලානය විසින් 14 හැවිරිදි හැරිගේ නමත් ඉදිරිපත් කරනවා. අනි කුසලානය බාල වයස්කාර හැරීගේ නම ඉදිරිපත් කලේ ඇයි? අවසානයේ කවුරුන් ජයගනිවිද? සෑම වසරකම වගේ මේ වසරෙත් නහය නැති වොල්ඩර් මෝර්ට් උතමාණන්ගෙන් බේරෙන්න තරම් හැරි පෝටර් වාසනාවන්ත වෙයිද? අදුරු මායා වලින් ආරක්ෂා වීමේ අලුත් ගුරුවරයා හැරිට ඔචිචර සම්පත් වෙන්න හදන්නේ ඇයි? මිනී කන්නන්ගේ දරුවො ඉන්නවද.? මේවා ගැන දැනගන්න නම් අනිවාරෙන් ෆිල්ම් එක බලන්න.



Post a Comment

Copyright © Movies Hub . Designed by OddThemes