මේ කතාව ගලාගෙන යන්නේ අස්කබාන් සිර මැදිරියෙන් පැනගත්ත සිරසිරකරුවෙක් වටා. නමින් ඔහු "සිරියස් බිලක්.” සිරියස් කියන හැරීගෙ අම්මයි තාත්තයි, ඒ කියන්නේ ලිලී සහ ජේම්ස් පොටර් දෙදෙනා මරා දාන්න ටෝල්ස්මෝට් හට උදව් කරපු කෙනා කියල තමයි හැමෝම දනෙ. ඉතිං හැරීගෙ දෙමාපියන් මරා දැමීමට හැරී මැරෙන්නෙ නැති නිසා පටන් ගත්ත දේ ඉවර කරන්න හිතාගෙන, හැරීව මරා දමන තමයි සිරියස් මේ ඇවිල්ල ඉන්නෙ කියල මුලදිම අපිට දැනගන්න ලැබෙනවා. මේ හේතුව නිසා හොස්ටෝස් මායා පාසලට භූතාරකයන්
යොදවා මැජික් කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනවා. ඉතිං මේ භූතාරක්ෂිකයන් නිසා හැරීට සෑහෙන කරදර වෙනව. ඒ වගේම කතාව මැදට යනකොට අපිට දැනගන්න ලැබෙනව හැරීගෙ දෙමාපියන් පාවා දෙන්නෙ සිරියස් නෙවෙයි, පීටර් පැටිගයි කියන, සිරියලගෙ පාසල් කාලෙ යාළුවෙක් කියල. සිරියස් ඇවිල්ල ඉන්නෙ ඔහුව මරා දමන්න කියල. මේ කටයුත්ත මෙහෙම වෙන අතරෙ තමයි රේල්මුස් ලූපින් නැත්තං මහාචාර්ය ලූපින් සම්බන්ධව ලොකු රහසක් එළි වෙන්නෙ. මේ සිදුවීම එක්ක මුළු කතාවම කණපිට හැරෙනව. ඔකොම කිවොත් හොඳ නෑනෙ නේන්ද? අලුතෙන් බලන කෙනෙකුට පොයිල් වෙනවනෙ. කුතුහලය නැති වෙනවනෙ. ඔන්න එහෙනම් මේ තියෙන්නෙ හැරී පෝටර් කතා මාලාවේ ඔබ වඩාත්ම කැමති වෙන කොටස වෙන්න පුළුවන්. ඉතිං ආරාධනා කරනව මේ විතරක් නෙවෙයි, හැරි පෝටර් කතා මාලාවේ පොත් පෙළත් රස විඳින්න කියල. ඔබට ජය වේවා..!
IMBD 7.9
දිනා ඇති සම්මාන ගනන 17
Post a Comment